(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලබන 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
මේ අතර ශ්‍රී ලංකා මහබැංකුව පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 11 වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතීඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
පාර්ලිමේන්තුව ලබන 9 සිට 12 දක්වා රැස්වීමට නියමිතය.
සංවර්ධන පනත යටතේ සෙස් බද්දට අදාළ නියෝග, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළද භාණ්ඩ බදු පනතේ නියමයන් 8ක්, ආනයන හා අපනයන (පාලන) පනතේ රෙගුලාසි තුනක් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත යටතේ නියෝග ලබන 9 වැනිදා විවාදයට ගැනේ.
අනතුරුව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වේ.

