එක්සත් ජාතික පක්ෂය ඌවේ පළාත් සභා ඡන්දය ජය ගත නොහැකි වුවත් එම ප්‍රතිඵලයෙන් එක්සත් ජාතික පක්ෂය සුවිසල් පිම්මක් ඉදිරියට පැන ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි.
2009 දී සන්ධානය 259069ක් (67.8%) ද, එක්සත් ජාතික පක්ෂය 98635 (25.8%) ලබා ගත් බවත්, සන්ධානයට එදා ලැබුණු වැඩි ඡන්ද සංඛ්‍යාව 160434ක් බවත් ඔහු විග්‍රහ කරයි.
පසුගිය මහා මැතිවරණයේ දී සන්ධානය ඌවෙන් 203689ක් (58.3%)ක් ද, එජාපය 112886 (32.3%)ක් ලැබුණු බවත්, ඒ අනුව සන්ධානයට ලැබුණු වැඩි ඡන්ද ප්‍රමාණය 90803ක් බවත් ඔහු පවසයි.
2009ට වඩා 2010 දී සන්ධාන ඡන්ද අඩුවී ඇත. මෙවර ඊටත් වඩා අඩු වී ඇත.

