(ජයමාල් චන්ද්‍රසිරි)
උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජූනි 30 වැනිදා සවස 6ට ජනපති නිල නිවසේ දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඩිජිටල් යටිතල පහසුකම් හා විදුලි සංදේශ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද(29) සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘උමා ඔයට එරෙහි ජනතාවගේ විරෝධය සාධාරණයි. ආණ්ඩුව මේ ප්‍රශ්නය හරියට විසඳුවේ නැත්නම් මටත් ආණ්ඩුවට විරුද්ධව පෙනී සිටින්න වෙනවා. තවමත් මේ ප්‍රශ්නයට හරියට විසඳුමක් නෑ‘ යැයි ද ඇමැතිවරයා කියා සිටියේය.


