‘උඩවලව ජලාශයේ වතුර දින පහකට පමණයි‘


( චන්ද්‍ර සේන ගමගේ )

ජලය අරපිරිමැස්සෙන් පාවිච්චි නොකළොත් උඩවලව ජලාශයේ ජලය ප්‍රමාණවත්  වන්නේ දින පහකට පමණක් බව උඩවලව මහවැලි අධිකාරියේ නේවාසික කළමණාකරු අයි.ජී. අමරසිරි මහතා පවසයි.

පවතින නියං තත්ත්වය නිසා උඩවලව ජලාශයේ ජල මට්ටම අක්කර අඩි 18 000  දක්වා පහත වැටී ඇති බවත් එය වැවේ මුළු ජල ධාරිතාවයෙන් 09%ක ප්‍රමාණයක් බවත් පවසන නේවාසික කළමනාකරු අයි. ජී. සිරිසේන  මහතා තමන් හමුවේ ඇති ප්‍රධාන අභියෝගය වන්නේ චන්ද්‍රිකාවැව හරහා පානීය ජලය සපයන ප්‍රදේශවලට ජලය  නිකුත් කිරීම බවද පැවසීය.

විශේෂයෙන්ම අගුණකොලපෑලැස්ස රෝහලට හා පවුල් 18 000 ට පානීය ජලය සපයන කට්ටකඩුව වැවට ජලය දිය යුතු හෙයින් දැඩි  කළමනාකාරීත්වයකින් ජලය නිකුත් කිරීමට සිදුව ඇති බවද නේවාසික කළමනාකාරවරයා පැවසීය.