ඊයම් සහිත තීන්ත දරුවන්ගේ සෞඛ්‍යයට ප්‍රබල තර්ජනයක් බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය කියයි.
එම නිසා ඊයම් සහිත තීන්ත පන්ති කාමරවල සහ පාසල් ගොඩනැගිලිවල ආලේප කිරීමෙන් වළකින ලෙසට ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
එවන් තීන්ත ආලේප කිරීම හේතුවෙන් දරුවන්ගේ මොළයේ විකසනය සහ ක්‍රියාකාරීත්වයට හානියක් මෙන්ම මොළයේ වර්ධනයට අහිතකර බලපෑමක් ඇතිකරවන බව එම මධ්‍යස්ථානයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පැවසීය. එම තත්ත්වය බුද්ධිමත් දරුවකු බිහිකර ගැනීමට ප්‍රබල බාධාවක් බවත් වෛද්‍ය ගුණතිලක අවධාරණය කලේය.
පන්ති කාමරවල ආලේප කළ තීන්ත හේතුවෙන් එම පන්ති කාමරවල දූවිල්ලේ පවා ඊයම් මිශ්‍රවී තිබෙන බවත් මෙරටේ සිදුකළ වගකිව යුතු සමීක්ෂණ තුළින් හෙළිදරව් කරගෙන ඇත.
තීන්ත බහාලුම්වල ලේබලයේ ඊයම් රහිත තීන්ත යනුවෙන් සටහන්ව පවතින තීන්ත පමණක් ආලේප කළ යුතු බවත් ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය දැනුම් දෙයි.

