‘ඉසිපතනෙන් මාරු කළත් යන්න හිස නොහැරේ‘


සති දෙකකට පෙර ස්ථාන මරු කළ කොළඹ ඉසිපතන විද්‍යාලයයේ විදුහල්පති තවමත් පාසලෙන් පිටවී ගොස් නැතැයි ලංකා ගුරු සංගමය කියයි.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ නව විදුහල්පතිට වැඩ බාර ගැනීමට හිටපු විදුහල්පති ඉඩ නොදෙනය බවයි. ඔහු ඉවත් කිරීමට අමාත්‍යංශයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද ඔහු කීවේය.

ජාතික පාසල් අධ්‍යක්ෂ එන් ඩී අයිලප්පෙරුම මහතා කීවේ එම විදුහල්පති ඉවත් කිරීමට අද තමා ඇතුළු කණ්ඩායමක් එහි ගියද විදුහල්පති පාසලෙන් යෑමට ප්‍රතික්ෂේප කළ බවයි. තමා ස්ථාන මාරු කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන හෙයින් පාසලෙන් යෑමට නොහැකි බව ඔහු පැවසීයැයි ද අධ්‍යක්ෂ කීවේය.

මේ සම්බන්ධයෙන් විමසීමේ දි විදුහල්පති කීවේ කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.