‘ඉන්දියා තෑග්ගෙන් හිතවතුන්ටත් බෙදලා‘


වව්නියාවේ යළි පදිංචි කළ දෙමළ ජනතාවට ඉන්දියාවෙන් පරිත්‍යාග කළ නිවාස රජයේ ඇමැතිවරයකු තම දේශපාලන හිතවතුන්ට දී ඇතැයි කියමින් වව්නියාව සෙට්ටිකුලම ජනතාව අද වව්නියා දිසාපති කාර්යාලයය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.

වව්නියාව ඕමන්තේ සෙට්ටිකුලම හා සාලම්බපුරම් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ද එම විරෝධතාවයට එක්වූහ.