(කාංචන කුමාර ආරියදාස)
‘තණ්හාව නැති පවුල් පෝෂණය කරන්නේ නැති අවංක මනුස්සයෙක් ජනාධිපතිකම සඳහා සෙවීම ජනතාව විසින් සහ මාධ්‍ය විසින් සිදුකළ යුතු‘ යැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (3) දින කැකිරාව ප්‍රදේශයේ සංචාරයකට එක් වෙමින් මාධ්‍ය හමුවේ සඳහන් කළේය.
අතීතයේ රජවරුන් සෙවීම සඳහා ඇතුන් සංචාරය කොට රජකමට සුදුසු කෙනා ඉදිරියේ ඇතුන් දණ ගැසූ බවත් වර්තමානයේ රජකු සෙවීම සඳහා ඇතෙකු යවන්නේ නම් ඔවුන් ඇතාගේ දළ දෙක කපාගෙන වලිගෙ ඇති මයිල් ගස් ගලවන බව වැඩිදුරටත් සඳහන් කෙළේය.
අර්ජුන් ඇලෝසියස් ගේ මුදල් ලබාගත් පාර්ලිමේන්තුවේ සිටින 118 දෙනා වහාම ස්වයං විවේචනය කරමින් ගත් අය ඉදිරිපත් විය යුතු බවත් එසේ නොමැතිනම් 225 දෙනාම ප්‍රකාශයක් කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම 118 හා 119 යන අංක දෙක මහජනතාවට හදිසි තොරතුරු දැනුම් දීම සඳහා ඇති දුරකථන අංක දෙකක් බවත් මේ වනවිට 118 කියන කතාව නිසා මහජනතාවට පවා අසාධාරණයක් සිදුව ඇති බව හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොලිසියේ හයසීයක් පමණ නිලධාරීන් අමු අමුවේ ඝාතනය වූ තිරුක්කෝවිල් ප්‍රදේශයේ තමන් පොලිසිය වෙනුවෙන් ස්මාරකයක් සකසන බවද ඒ පිළිබඳව පොලිස්පතිවරයාට වසරකට පෙර දැනුම් දුන්නද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නැති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
පැවැති ආණ්ඩු මේ ආණ්ඩුවත් නොයෙක් අයගේ ස්මාරක සකසමින් සිටින බවත් එහෙත් ශ්‍රී ලංකා පොලිසියේ 600ක් ඝාතනය වූ ස්ථානයේ ස්මාරකයක් හැදීමට උනන්දුවක් නැති බව ද අවධාරණය කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකියාවක් ඇතත් ජයග්‍රහණය කිරීමට නොහැකි බවත් ලොන්ඩරි වලට ඇඳුම් දමා පිරිසුදු කරනවා වගේ මිනිසුන් පිරිසිදු කිරීමට නොහැකි බවත් රාජපක්ෂවරු, බණ්ඩාරනායකවරු, මෛත්‍රීපාල වරු පමණක් නොව මෙරට ජනාධිපතිවරණය සඳහා රට ජාතිය පිළිබඳ කැක්කුමක් ඇති සියලු ජාතීන්ට බොරු කියන්නේ නැති ආදරය කරන සියලු ආගම් වලට ආදරය කරන හොඳ පිරිසක් ඒකරාශී වී ජනාධිපතිකමට පුද්ගලයකු තෝරාගත යුතු බවත් තමන් ද එම ස්ථානයේ සිටින බව සඳහන් කළේය.
මෙරට සියයට හැත්තෑ දෙකක් බෞද්ධයන් සිටිය දී සියලු නායකයන් බොරු පවසමින් උතුරු ප්‍රදේශයේ ජනතාව රවටන බව ද සඳහන් කළේය.
මෙයාකාරයෙන් 72%බෞද්ධ ජනතාවට බොරු ප්‍රකාශ කරමින් වෙනත් ගමනක් යන්නේ නම් එදා දුටුගැමුණු රජු නවතපු තැනින් නැවත රට ආරම්භ කිරීමට තමන්ට සිදුවන බවද කීවේය.
පොදු අපේක්ෂකයා ලෙස සිරිසේන මහතා ඉදිරිපත් කරවීමට තමන්ද උනන්දුවී ඔහුව දිරිමත් කළ බව ද තමන් කිසිදු වරප්‍රසාදයක් ඔහුගෙන් ලබා නොගත් බවද සඳහන් කළේය. දැන් බොහෝ දෙනා සිංහයන් වෙන්න යන බවත් මිනිස්සු සිංහයට අපහාස නොකළ යුතු බවත් මිනිස්සු මිනිසුන් ලෙස ක්‍රියාකළ යුතු බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
එවකට තමන්ද පාර්ලිමේන්තුව නියෝජනය කළ බවත් දින සීය වැඩසටහන නිෂ්පාදනය කිරීමේ දී සාකච්ඡා වලදීත් චද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු සියලු දෙනා එක්ව එකතු වී පොදු අපේක්ෂකයා බවට මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එය සිදු කළේ රාජපක්ෂවරුන්ට පහර දෙන්න බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පළමු වෙනියා නොව දස වෙනියා බවත් සියළු සාකච්ඡා වල සිටිමින් වර්තමානයේ මතක නැහැ දන්නෙ නැහැ මම හිටියේ නැ මට කිව්වේ නෑ කියන කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඔහු ප්‍රකාශ කළේය.
පසුව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කැකිරාව මරදන්කඩවල ප්‍රදේශයේ රජයේ ඉඩම් ලබාගෙන විශාල වශයෙන් බොරලු කපන ස්ථානයක් නිරීක්ෂණය කොට දැඩිලෙස පරිසර අමාත්‍යාංශයට විවේචන එල්ල කරන්නට ද විය.
එහි සිදුව ඇති බොරු කපා සිදු කොට ඇති පරිසර විනාශයන් පිළිබඳව ද පෙන්වා දෙමින් කියා සිටියේ රජරට ප්‍රදේශයේ සියලු දේශපාලනඥයන්ට මේ පිළිබඳව කිසිදු වගකීමක් නොමැති නිසා තමන් රජරට ජනතාවට නායකත්වය දෙමින් ඉදිරියේදී දේශපාලන කටයුතු සිදු කරන බව ය.