‘මම මේ ඇමැතිකම අරගෙන තිබෙන්නේ ඩීල් දමා නොවෙයි. ජනාධිපතිතුමා හිතන්න ඇති මේ රටේ වෙන සංවර්ධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා ගැනීමට. ඒ නිසා තමයි අපට මේ ඇමැතිකම් ලැබුණේ. එහෙම ඇමැතිකම් නොලැබුණු අයට සිත් රිදීම් සහ කලකිරීම් තිබෙන්න පුළුවන්. මම ගිහින් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතු වුණේ නෑ. මම ඉන්නේ නිදහස් පක්ෂයේ. පක්ෂය හෙට තීරණයක් ගන්නවානම් ඇමැතිකම අතඅරින්න මා අත් දෙකම උස්සනවා.‘ යැයි මුදල් රාජ්‍ය ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.
ඇමැතිවරයා වැඩිදුරටත් කීවේ වසර ගණනක් තිස්සේ ලංකාව දිහා නොබැලූ විදේශ රටවල් දැන් ලංකාවට ඇවිත් උදව් කරන බවයි.

