ශ්රී ලංකාවට කුඩු ගේන ලොකු ලෙක්කෝ කවුද?ඇල්ලූ කුඩු වලට මොකද වුණේ .ඒවා පාන්පිටි වෙනවා දැයි ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ වලව මිටියාවතේ ජනමාධ්‍යවේදීන්ගේ රැස්වීමකදී පැවසුහ.
‘‘දේශපාලකයන් සම්බන්ධ වුණා යැයි අතිශයින්ම බරපතල අපරාධ චෝදනා රාශියක් අද ජනතාව ඉදිරියේ තියනවා. කුඩු කන්ටේනර් ගණන් ගේනවා. රටේ සිදුවන මහා පරිමාණ ජාවාරම් දිහා, විශ්මිත ත‍්‍රාසජනක අපරාධ සිදුවන දිහා ලෝකය බලා ඉන්නවා. අද ලංකාව ලෝකයේ කුඩු මධ්‍යස්ථානයක් බවට පත්වෙලා.’’
ලංකාවේ කුඩු ව්‍යාපාරය පිටුපස දේශපානඥයින් ඉන්නවා කියන එක දේශපාලනඥයින්ම පිළිගෙන තිබුණා. පුංචි පුංචි හාල්මැස්සෝ අහු වෙනවා, කෝ තෝරුන් මොරුන් අහුවෙන තැන.’’
‘‘පොලිසිය මේ කුඩු අල්ලන එක හොඳයි. නමුත් අපි අහනවා ඇල්ලූව කුඩුවලට මොකද වුනේ. ඒවා පාන්පිටි බවට පත් වුණාද? ඒවා අළු බවට පත්වුණාද? කන්ටේනර් ගණන් අහුවෙච්ච ඒවාට මොකක්ද කලේ. ඒට චෝදනා ලද දේශපාලනඥයන්ට මොකක්ද වුණේ. ඒ ගොල්ලන්ගේ නිලධාරින්ට දීපු දඩුවම් මොනවද? මතු පරපුරේ ආරක්‍ෂාව පිණිස මේ ප‍්‍රශ්න මාධ්‍ය හරහා ඉදිරිපත් කළ යුතුව තිබෙනවා’’
‘‘ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ජාත්‍යනතරයෙන් කරගෙන යන කොටු කිරිල්ලට මේ වගේ නොපනත්කම් නිසා අපි අහුවෙනවා. මේවා නිසා සාදාචාරමය, දුරාචාරමය, වශයෙන් අප රට කොටු කරගන්න ජාත්‍යන්තරයට හැකිවෙනවා.

