‘අය වැය සහන දීම අභියෝගයක්‘
මෙවර අයවැයෙන් ජනතාවට පොරොන්දු වූ සහන දීම අභියෝගයක් බව මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර කියයි.
ගෝලීය ආර්ථීක අර්බුදයත් විදුලි බල ජනනයට අධික පිරිවැයක් දරන්නට සිදුවීමත් මීට හේතු වී ඇති බව හෙතෙම පවසයි.
ශී්‍ර ලංකාවේ විදුලි බල ජනනයට ජල විදුලිය පමණක් ප්‍රමාණවත් නොවන බව පසුගිය කාලයේ පැවැති වැසි රහිත කාලගුණය හමුවේ පැහැදිලි විය. බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවූයේ වියදම් අධික තාප බලාගාර වලිනි.
කලාපයේ ආර්ථීක දැවැන්තයින් වන ඉන්දියාවට හා චීනයට ද විදුලි බල ජනනයට අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති නිසා ආර්ථීක වශයෙන් පල්ලම් බැසීමට සිදුව ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
විකල්ප බලශක්ති ප්‍රභව හදුන්වාදීමේ වැදගත්කම ආචාර්ය ජයසුන්දර අවධාරණය කරයි.

