(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
රට වෙනුවෙන් අපක්‍ෂපාතී වාර්තාවක් ඉදිරිපත් කිරීමට තමන්ට අවශ්‍ය වී ඇතැයි බැඳුම්කර කොමිසමේ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා අද(26) කොමිසම හමුවේ පැවසීය.
සාක්කියක් ලබා ගැනීම සඳහා කොමිසමට කැඳවා තිබු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ආරක්‍ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීම අතවශ්‍ය කරුණක් බව පෙන්වා දෙමින් කොමිසමට නොපැමිණීම හේතුවෙන් ඇතිවු සංවාදයේදී අදහස් දක්වමින් කොමිසමේ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා එසේ පැවසීය.
අපක්‍ෂපාතී වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා තමන්ට නිසි සාක්කි අවශ්‍ය බවද විනිසුරු කීවේය.
‘‘රට වෙනුවෙන් අපක්‍ෂපාතී වාර්තාවක් ඉදිරිපත් කිරීමටයි අපිට අවශ්‍ය වී තියෙන්නේ. ඒ නිසා සාක්කිකරුවන් නිසි ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහ කරන්න. මෙම වාර්තාව පිළියෙළ කිරීමට අපිට ප‍්‍රමාණවත් කාලයක් අවශ්‍යයි‘‘ යැයි ද විනිසුරුවරයා සඳහන් කළේය.

