‘අනීකාට පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයටත් තර්ජනයක්’ - බන්දුල


(නිමල කොඩිතුවක්කු)

මහ බැංකු බැඳුම්කර සිද්ධියට සාක්කි ලබාදුන් අනීකාට පමණක් නොව මේ පිළිබඳ කරුණු අනාවරණය කළ ඒකාබද්ධ විපක්ෂයටත් මේ තර්ජනය ඒ  ආකාරයෙන්ම තිබෙන බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (22) පැවසීය.

මේ සම්බන්ධයෙන් මැදිහත් වී තීරණයක් ගන්නා ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

පුංචි බොරැල්ල වජිරාශ‍්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.