ජනපතිවරණයෙන් පසුව මහා මැතිවරණයක් පැවැත්වෙන බවත් වැඩිම ආසන ගණනක් දිනන පක්ෂයට අගමැතිකමද, ඊළඟට ආසන හිමිකරගන්නා පක්ෂයට නියෝජ්‍ය අගමැති පදවියද පිරිනැමීමට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පියවර ගනු ඇතැයි එජාප නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විල්ගමුවේදී අද (16) සවස ප්‍රකාශ කළේය.
සිරිසේන මහතා ජනපති වීමෙන් පසුව ඇති කැරෙන සංශෝධන යටතේ නියෝජ්‍ය අගමැති පදවියක් ඇති කරන බව වික්‍රමසිංහ මහතා කීවේය.



