ජනතා ඉල්ලීම්වලට උණ්ඩයෙන් පිළිතුරු දෙන ඒකාධිපති රාජපක්ෂ රෙජිමටය ඡන්දයෙන් පිළිතුරු දෙමින් සිය විරෝධය පළ කිරීම සඳහා පළාත් සභා මැතිවරණයේදී එක්සත්ජාතික පක්ෂයට ඡන්දය දෙන්නැයි මධ්‍යම සහ වයඹ ජනතාවගෙන් ඉල්ලා සිටින බව එක්සත්ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරදී පැවසීය.
නිරායුද ජනයා වෙඩි තබා ඝාතනය කිරීම වහාම නතර කරමින් නීතීයේ ආධිපත්‍ය තහවුරු කරන ලෙස ඒකාධිපති රෙජිමයට අනතුරු ඇඟවීමේ පණිවුඩය ලබා දීමේ කාලය එලඔ ඇති බව වික්‍රමසිංහ මහතා කීවේය.
නැවත වතාවක් ගම්වලට වැදී තරුණ තරුණියන් ඇතුළු අහිංසක සහ අසරණ ජනයාට වෙඩ් තබා ඝාතනය කිරීමට ඉඩ නොතැබීම සියලු දෙනාගේම වගකීම හා කාර්ය භාරය වන්නේයැයි ද හේ අවධාරණය කළේය.