ෆොන්සේකාගේ අපේක්ෂකයාට මැර ප්‍රහාරයක්


ඌව පරණගම ගලහගම  එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයකට අද අලුයම 3 ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇත  එළවළු වෙළදසලක පවත්වාගෙන යන එම කාර්යාලයේ   ත්‍රිරෝද රථයකට ද ගිනි තබා ඇත.

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජයන්ත කන්නංගර මහතා පවසන්නේ මෙම ප්‍රහාරය සංධාන අපේක්ෂකයකුගේ ආධාරකරුවකුගේ වැඩක් බවයි.

  මොණරාගල දිස්ත්‍රික් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ  අපේක්ෂක  වැල්ලාන විතානගේ ප්‍රියන්ත කුමාර මහතාට අද (21)අලුයම 2.00 ට පමණ මැර ප්‍රහාරයක් එල්ල විය.   ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක් කතරගම රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

  බදුල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා හතරක් වාර්තා වී ඇත.   

galahamuwa-(3)