ෆොන්සේකා ඝාතන තැත තීන්දුව කල්යයි
කොළඹ යුද හමුදා මූලස්ථානයේ බෝම්බ පුපුරවා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට සහාය දුන්නැයි කියන ෂන්මුගලිංගම් සුරිය කුමාර්ට එරෙහි නඩුවේ සාක්කි විභාගය අවසන් කළ කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය නඩු තීන්දුව ලබන 23 වැනිදාට කල් තැබුවාය.
මංජුලා නම් මරාගෙන මැරෙන බෝම්බ කත වවුනියාවේ සිට රැගෙන අවුත් නවාතැන් සපයා දුන්නැයි ඔහුට එරෙහිව චෝදනා නගා තිබේ
තමා සියලූ චෝදනාවලට නිවැරැදිකරු බවත් තමාත් තම බිරියත් බිය ගන්වා බලයෙන් කොළවලට අත්සන් ගත් බවත් ඔහු කීවේය.

