ඇන්කර් කිරිපිටි හා ආශ්‍රිත නිෂ්පාදන කරන ෆොන්ටෙරා සමාගමේ බියගම කර්මාන්ත ශාලාව සහ ශ්‍රී ලංකාවේ කාර්යාලය අද (23) සිට දින නියමයකින් තොරව වසා දැමු බව එහි නිලධරයෙක් කියයි.
කම්හලේ සේවකයෝ හත්සිය පනස් පස් දෙනෙක් සිටිති.ඉන් හතරදෙනෙක් විදේශිකයෝය.සේවකයන්ගේ ආරක්ෂාව පතා මේ පියවර ගත් බව සමාගම කියයි.
කම්හල ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමෙන් ,මීනී පෙට්ටි තැබීමෙන් හා අලෙවි නියෝජතයින්ට නොයෙක් තැන්වලදී තර්ජන ගර්ජන එල්ල කිරීමෙන් ඇති වු තත්ත්වය සැළැකිල්ලට ගෙන නවසීලන්ත සමාගමේ තීරණය අනුව කම්හල වසා දැමු බව එම නිලධරයා පවසයි.
සේවක ආරක්ෂාව පතා මේ තීරණය ගත් බව ප්‍රධාන විධායක තියෝ ස්පිරින්ග්ස් කියයි.