ලංකාවේ කිරිපිටිවල අඩංගු ඩී සී ඩී විස රසායන පරික්ෂාව සඳහා අවශ්‍ය සියලු රසායානාගාර පහසුකම් ශ්‍රී ලංකා තාක්ෂණික කාර්මික ආයතනයේ (අයි ටී අයි) ඇතැයි එම ආයතනය කියයි.
1- ෆොන්ටෙරා සමාගමේ ප්‍රකාශය අයි ටී අයි ආයතනය තරයේ ප්‍රතික්ෂේප කරයි.
2- 2012 වසරේ සැප්තැම්බර් නොවැම්බර් කාලයේ නිෂ්පාදිත කාණ්ඩ වලට අදාල තවමත් වැඩි වශයෙන් දේශීය වෙළෙඳපොළේ පවතින ෆොන්ටෙරා නිෂ්පාදන ඩී.සී.ඩී ආයතනය බව එම ආයතනය යළි කියයි.
එම සමාගම මෙසේද කියයි.
ෆොන්ටෙරා ආයතනය විසින් නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වන මාධ්‍ය කිහිපයක වාර්තා කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ ඇති පරීකෂණාගාර වල ඩී සි ඩී පරීකෂාව කිරීමට තරම් තාකෂණික පහසුකම් නොමැති බවයි. තවද කාර්මික තාකෂණික ආයතනය (අයි ටී අයි) මේ සම්බන්ධව කළ පරීකෂණයේ වාර්තා සාවද්‍ය බවයි. මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන අයි ටී අයි ආයතනය සඳහන් කරන්නේ ඩී සී ඩි පරීක‍්ෂාවට පමණක් නොව ඩී සී ඩී අමුද්‍රව්‍යක්ව භාවිතයෙන් නිෂ්පාදනය කෙරෙන මෙලමයින් පරීකෂාවට ද තම ආයතනය සතුව පරීකෂණාගාර තත්ත්වල රසායනික විශ්ලේෂණ උපකරණ සහ ඒ සඳහා දැනුම ඇති විශේෂඥයින් ද පවතින බවයි.
කිරිපිටි වල ඩී සී ඩී අන්තර්ගත බවට තොරතුරු ව්‍යාප්ත වීමත් සමඟ එම තත්ත්වය හඳුනා ගැනීම සඳහා ජාත්‍යන්තර සම්මත ක්‍රමවේද දෙකෙන් එක් පිළිගත් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට ආයතනය පියවර ගෙන තිබේග ලොව පිළිගත් ක්‍රමවේද අනුව ලෝකයේ පවතින ඕනෑම විද්‍යාගාරයකට මෙය යොදා ගත හැකිය.
ශ්‍රී ලංකාවේ එම පරීකෂණය සිදු කිරීමට හයි පර්ෆොමන්ස් ලික්විඩ් ක්‍රොමොටොග්‍රැෆි රසායනික විශ්ලේෂණ ක්‍රමවේදය භාවිත කර ඇත. අන්තර් ජාතික ප්‍රතීතනය ලත් විද්‍යාගාර පවතින අයි ටී අයි ආයතනය එහි සිදු කෙරෙන සෑම පරීකෂණයකම හා එම වාර්තාවන්හි ගුණාත්මකභාවය සහ නිවැරදිතාව සම්බන්ධයෙන් ද පෙනී සිටී.
මේ වන විටත් අඛණ්ඩව ආනයනික කිරිපිටි වල ඩී සී ඩී පරීකෂණ කටයුතු සිදු කරන බවත් ඒ සඳහා තම ආයතනයට සියලු පහසුකම් හා හැකියාව පවතින බවත් අයි ටී අයි කළමණාකාරීත්වය පෙන්වා දෙයි.
එහෙයින් ෆොන්ටෙරා සමාගමේ ප්‍රකාශ තරයේ ප්‍රතික්ශේප කරන අයි ටී අයි ආයතනය සඳහන් කරන්නේ තමන් මෙම පරීකෂණයට භාජනය කළ 2012 වසරේ සැප්තැම්බර් නොවැම්බර් කාලයේ නිෂ්පාදනය කළ තවමත් වැඩි වශයෙන් දේශීය වෙළෙඳපොළේ පවතින ෆොන්ටෙරා නිෂ්පාදන වල අයි ටී අයි අන්තර්ගත බවයි.
තායිලන්තයේ සිංගප්පූරරුවේ හෝ වෙනයම් රටක මෙම පරීකෂණ සිදුකලේ නම් එම පරීකෂණ වාර්තා සහ ඒ සඳහා භාවිත කළ සාම්පල මෙන්ම පරීකෂණය සඳහා යොදාගත් ක්‍රමවේදයද තම ආයතනය වෙත ලැබීමට සලස්වන ලෙස අයි ටී අයි ආයතනය ෆොන්ටෙරා සමාගමෙන් ඉල්ලීමක් ද කර සිටී.