ෆේස්බුක් මිතුරෝ වතුර බෙදති


කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් අවතැන් වී සිටින වලල්ලාවිට සහ අවට ගම්  කිහිපයකට ෆේස්බුක් මිතුරෝ පිරිසක් බෝට්ටු මගින් ගොස් ලීටර් පහේ ජල බෝතල් තුන්සියයක් පමණ බෙදා දුන්හ.

ජල බෝතල අවශ්‍යතාවය ගැන ධනේෂ් මධුරංග ෆේස්බුක් පිටුවේ පණිවිඩයක් පළ කැර දෙපැයකින්  එම ජල බෝතල් එකතු කැර ගැනිණි.