ෆේස්බුක් දැන ගියොත් කතරගම


සිසුන්ගේ මරණවල වගකීම ෆේස්බුක් වෙත පැවරීම බුද්ධි ගෝචර ක්‍රියාවක් නොවේ යැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එම සංසදයේ  ජ්‍යෙෂ්ඨ තෙරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ ෆේස්බුක් සම්බන්ධ සිද්දීන් මූළික කැර ගනිමින් සියදිවි නසාගත්තායැයි ප්‍රචලිත වූ සිසුවියන්ගේ මරණයට හේතුව ෆේස්බුක් පිළිබඳ නිසි අවබෝධයකින් තොරව කටයුතු කිරීම බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘මේ ක්‍රම හේතුවෙන් ෆේස්බුක් කියන්නේ ඉතාමත්ම සුරක්ෂිත සමාජ ජාල වෙබ් අඩවියක්. නමුත් ශ්‍රී ලංකාවේ දෙමාපියන්,  ගුරුවරුන් හා තීන්දු තීරණ ගන්නා ඇතැම් අය මෙය හරිහැටි තේරුම්ගත යුතුයි. එවිට මේ වගේ ගැටළු ඇතිවන්නේ නැහැ. දරුවන්ගේ ෆේස්බුක් ගිනුමේ නොදන්නා පුද්ගලයන් ඇතුළුවීම වැළැක්විය යුතුයි. අනවශ්‍ය ඡායාරූප ඉවත් කළ යුතුයි. මෙය තමන්විසින්ම පහසුවෙන් කළ හැකි දෙයක්. එය නිවැරදිව භාවිතා කරනවානම් සියදිවි නසා ගැනීම් සිදුවන්නේ නැහැ. සියදිවි නසා ගත්තේ ෆේස් බුක් භාවිතයෙන් මතුවූ ගැටළුවක් බව පවසමින් සමාජයේ ඉතා ප්‍රචලිත සමාජ ජාලයක් ඉවත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පසුගිය වසර කිහිපයේ දී ෆේස්බුක් සම්බන්ධ පැමිණිලි ලැබී ඇති බවයි.

2011 වර්ෂයේ දී එවැනි පැමිණිලි 1, 040ක් ද ,  2012 දී පැමිණිලි 1,150ක්,  2013 දී පැමිණිලි 1, 200 ක් හා 2013 ගතවූ මාස එකහමාරකදී පැමිණිලි 250 ක් ලැබී ඇත. චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ මේ පැමිණිලි වලින් සැළකිය යුතු ප්‍රමාණයක් කලාකරුවන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන්ගෙන් ලැබී ඇති බවයි. තම නමට වෙනත් ගිණුම් පවත්වාගෙන යාම පිළිබඳ මෙලෙස පැමිණිලි කැර ඇති බවත් ඒ මහතා පවසයි. පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ව්‍යාජ ගිනුම් පවත්වාගෙන යමින් අනවශ්‍ය ප්‍රකාශ නිකුත් කරන්නන් සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වාරණය කළ යුතුයැයි දැන් කතා බහක් ඇතිවෙමින් පවතී. ඉන්ද්‍රගුප්ත මහතා පවසන්නේ එය වාරණය කිරීමට අවශ්‍ය නොවන බවයි. නිවැරදිව පාලනය පිළිබඳ උපදෙස් ලබා දිය යුතු බව ද එවැනි උපදෙස් මාලාවක් දැනටමත් ලබා දෙමින් පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

‘ෆේස්බුක් කියන්නේ සමාජ ජාල වෙබ් අඩවියක් කෝටි ගණනක ජනතාව ඒ හා සම්බන්ධවී සිටිනවා. ශ්‍රී ලංකාවේත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ෆේස් බුක් හා සම්බන්ධයි. ගැටලූව තියෙන්නේ ෆේස් බුක් වෙබ් අඩවියේ නොවෙයි. එය භාවිතා කරන ක්‍රමයේයි. සාමාන්‍යයෙන් ෆේස්බුක් හා සම්බන්ධ වීමේදී එකි නෙකාට වෙන වෙන ම ගිණුමක් ලැඛෙනවා. එයට මුරපදයක් තිඛෙනවා. මේ මුරපදය රහස්‍ය එකක්. එය නොදන්නා කිසිවෙකුට ඒ ගිණුමට ඇතුළු වීමට හෝ පරිහරණය කරන්න බැහැ. මේ ගිනුමට දත්ත ඇතුලත් කිරීමේ දී ඒ දත්ත පොදුවේ ඕනෑම අයෙකුට බැලිය හැකි ආකාරයට හෝ සීමිත මිතුරන් පිරිසකට පමනක් බැලිය හැකි ආකාරයටත් යෙදිය හැකියි. ඒ වගේම නොදන්නා අය මේ ගිනුම හා සම්බන්ධ කැර නොගෙන තමන් දන්නා හඳුනන අය පමණක් ඇතුළු කැර ගැනීමේ හැකියාව තිඛෙනාව. තමන්ගේ ගිණුම සමීපත ම මිතුරන්ට, පවුලේ අයට, නෑයන්ට පමණක් වශයේන සීමා කිරීමේත් හැකියාව තිඛෙනා. මේ නිසා ෆේ්ස්බුක් ගිනුමක් කියන්නේ විවෘත වන දෙයක් නොවෙයි. ‘

ඕනෑම අයෙකුට පහසුවෙන් ෆේස්බුක් ගිනුමක් සාදාගැනීමට ඇති හැකියාව ද ෆේස්බුක් ජනප්‍රිය වීමට හේතුවකි. බොහෝ දෙනකු පහසුවෙන් මතක තබා ගත හැකි මුරපද මේ සඳහා යොදා ගැනීම ද හානි දායකය. ඇතැම් පුද්ගලයන් තම උපන්දිනය, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය මුර පදයක් ලෙස යොදා ගනී. එය නෙත් කෙනෙකුට සොයා ගත හැකි මුරපදයක් වීම ගිනුමට අනවශ්‍ය පුද්ගලයන් ඇතුළු වීමට හේතුවකි. එහෙත් ෆේස්බුක් හි ඇති පහසුකමක් වන්නේ කිසිවකු හෝ තම ගිනුම විවෘත කරන්නේ නම් ඒ බව ජංගම දුරකථනයට එස්.එම්.එස්. පණිවිඩයක් ලැඛෙන පරිදි සකසා ගැනීමට හැකිවීමයි.

චන්ද්‍රගුප්ත මහතා පෙන්වාදෙන්නේ ෆේස්බුක් ගිනුමට අවනත් අය අනවශ්‍ය ඡායාරූප ඇතුළු කරනවායැයි චෝදනාවක් පැවතිය ද එවැනි අනවශ්‍ය ඡායාරූප හෝ අදහස් ඇතුළු කරන්නේ නම් ඒවා ඉවත්කිරමට හෝ සීමා කිරීමට ගිනුමක් පවත්වාගෙන යන ඕනෑම අයකුට හැකියාවක් පවතින බවයි.

ඇතැම් රටවල විවිධ හේතූන් මත ‍ෆේස්බුක් තහනම් කළ අරාබි රටවල් රැසක එයට සමාන වූ තම රටේම නිපදවූ සමාජ ජාල වෙබ් අඩවි නිර්මාණය කැර ඇතැයි චන්ද්‍රගුප්ත මහතා පවසයි.