කුරුණෑගල, නිකදළුපොත නංගමුව වත්තේ එල්. ආර්. ගුණරත්න මැණිකාගේ පැල්පතට ගිය ෆේස් බුක් මිතුරෝ කිහිප දෙනෙක් අවුරුද්දට තෑගිබෝග දුන්හ.
මැණිකා සිය ආබාධිත දියණිය සමග ජීවත් වන්නීය. ඇගේ මාසික ආදායම රුපියල් දෙතුන් සියයකි.
ගුණරත්නමැණිකා ගැන තොරතුරු ෆේස්බුක් පිටුවෙන් දැනගත් ධනේෂ් මධුරංග ඇතුළු පිරිස ෆේස්බුක් මඟින්ම තෑගි බෝග රැගෙන ඇය බැලීමට ගියහ. විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ද උදව් උපකාර කළහ.
අලුත් ඇදුම්, කෑම බීම, වියළි ආහාර ආදිය එහි විය.
ෆේස් බුක් පිරිස එම නිවසින් පිටව ගියේ පැල්පතක දිවි ගෙවන ගුණරත්න මැණිකාට හා ඇගේ දියණියට හොද නිවහනක් සදා දෙන බවට පොරොන්දු වෙමිනි.
ගුණරත්න මැණිකාගේ ලිපිනය
එල්. ආර්. ගුණරත් මැණිකා,
නංගමුව වත්ත,
නිකදළුපොත.
මේ අම්මාගේ බැංකු ගිණුම් විස්තරය
Account Name : L.R.G. Menika
Account No : 72102664
Bank : BOC
Branch : Hiripitiya

