ෆුල්ෆේස් හෙල්මට් තහනම යළි තහනම්


ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරමින් පොලිසිය ගෙන ආ චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවමින් පැනවූ අතුරු තහනම ජූලි දෙවැනිදා දක්වා යළි දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (18) නියෝග කළේය.

එම නඩුව අද කැඳවු අවස්ථාවේදී ජූලි මස 02 වන දින දක්වා අදාළ අතුරු තහනම ක්‍රියාත්මක වන පරිදි    අභියාචානාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ සහ එච්.සී.ජේ මඩවල යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ල  විසින් මෙම අතුරු  නියෝගයක් ලබා දුන්නේය.

පෙත්සමට එරෙහිව විරෝධතා දැක්වීමට කල් අවශ්‍ය බව නඩුව වෙනුවෙන් පෙනී සිටින රජයේ නිතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම යළි කැඳවීම ජුනි මස 30 වනදා සිදුකිරීමට නියමිතය.

අදාළ නීතිය ක්‍රියාත්මක වීමට එරෙහිව නාලක ඉන්ද්‍රජිත්, චානක දිසානායක ඇතුළු  තිදෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.මහජන සාමය පිලිබඳ අමාත්‍ය ජෝන් අමරතංග, අමාත්‍ය රංජිත් මදදුමබණ්ඩාර, පොලිස්පති ,නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.