ෆිරෙන්සි පන්සලේ හිමියෝ ගුවනින් රෝහලට


ඉතාලියේ පිරෙන්සි සමාධි විහාරාධිපති දොඩංදෙණියේ නන්දසිරි හිමි රෝද තුනේ රියක් පෙරළී දැඩි පිළිස්සුම් තුවාල ලබා ගුවන් මගින් පීසා රෝහලට රැගෙන ගිය බව රෝහල් ආරංචි කියයි.

නව විහාරය පිහිටි භූමිය මිලදී ගැනීමට සියල්ල සූදානම් කර සිටි ඒ හිමියෝ එහි වැසිකිළියක් ඉදි කිරීමට අවශ්‍ය භාණ්ඩ පටවාගෙන ත්‍රීරෝද රථයෙන් ඉද්දී එය පෙරළී ගිනි ගත් බව පොලිසිය කියයි.

නන්දසිරි හිමියෝ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.