කොම්පඤ්ඤවීදීයේ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයට එරෙහිව කොළඹ වංචා විමර්ශන අංශය කොළඹ කොටුව මහේසත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ අද තවත් නඩු හයක් පැවරීය.
තැන්පත්කරුවන් හය දෙනකුගෙන් රුපියල් අනුඅටලක්ෂක් වංචා කළැයි පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය.
එක් තැන්පත්කරුවකුගේ පැමිණිල්ලේ සඳහන් වනුයේ 15.5% පොලියක් දෙන බව කී නිසා තමා රුපියල් දස ලක්ෂයක් තැන්පත් කළ බවයි.
එහෙත් තමාට ලැබුණේ රුපියල් පහළොස්දහසක් බව ඔහු කීවේය.
පොලීසිය අධිකරණයට දැන්වුයේ පැමිණිලි හැත්තෑවක් පමණ දැනට ලැබී ඇති බවයි.
ලබන 16 වනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරයා සමාගමේ අධ්‍යක්ෂවරු තිදෙනකුට නියෝග කළේය.