ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ගේ රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක් එහි හිටපු මූල්‍ය අධ්‍යක්ෂ විසින් වංචා කළැයි කියන සිද්ධියක් ගැන එහි උපදේශකයෙක් විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ අරඹයි.
ද ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂවරයකු වන ලියනගේ එල් සිසිල් පෙරේරා මේ වසරේ ජූලි 13 වැනිදා රහස් පොලිසියට පැමිණිල්ලක් කරමින් තැන්පත්කරුවන් රුපියල් කෝටි 2260 සමාගමේ තැන්පත් කළ බවත්, මූල්‍ය අධ්‍යක්ෂවරයා 2007දී රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක් වංචා කළ බවත්, පැමිණිලි කර ඇත.
මේ ගනුදෙනුවට අදාළ ලියැවිලි රහස් පොලිසියට භාර දෙන්නැයි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා එම පෞද්ගලික බැංකු කළමනාකරුට නියෝග කළේය.

