ෆිනෑන්ස් අධ්‍යක්ෂවරු පහක් උසාවියට


තැන්පතු වංචා කළැයි පවරා ඇති නඩු 245 කට උත්තර දීම සඳහා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනාට ලබන 17 වැනිදා  අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නොතීසී නිකුත් කළේය.

ලක්ෂමන් රූපසිංහ,ගාමිණි කරුණාතිලක,ඩග්ලස් ජයතිලක,අසිත සමරසිංහ හා ප්‍රේමසිරි විතානපතිරණ එම අධ්‍යක්ෂකවරු වෙති.

15% කට වැඩි පොලියක් බලාපොරොත්තුවෙන් තමන් මුදල් තැන්පත් කළ බවත් එහෙත් පොරොන්දු වු පරිදි පොලී නොගෙවු බවත් පැමිණිලිකරුවෝ උසාවියට කියා සිටියහ.