ෆයිසර් මුස්තාපා නැවත එයි


පසුගිය 26 වෙනිදා අලුයම සිංගප්පුරුවට  ගිය නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තෆා මහතා  අද  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් යලි දිවයිනට පැමිණියේය.

එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 347 දරණ ගුවන් යානයෙන් ඔහු අද අළුයම 01.40 ට පමණ මෙරටට පැමිණ ඇත.

බොදු බල සේනාව රජයට සහය දෙතොත් තමා රජයෙන් ඉවත්වන බව ඔහු මීට පෙර ප්‍රකාශ කළේය. බොදු බල සේනාව දැන් රජයට සහය පළ කරයි.