ළමා රෝහලේ පැඳුරු සාජ්ජේ ජයටම


කොළඹ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් හා කණිටු සේවකයින්ගේ එකිනෙකා අතර සහ සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් ප‍්‍රථම වතාවට සංවිධානය කළ සංගීතමය ”පැදුරු සාජ්ජයක්” අද සවස එම රෝහලේ බාහිර රෝගී අංශයේදී පැවැත්විණි. රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගේ අධීක්ෂණය යටතේ රෝහල් නේවාසික වෛද්‍ය නිලධාරි උදේනි ගුණවර්ධන මහතා ප‍්‍රධාන සෙසු රෝහල් කාර්ය මණ්ඩලය මේ උත්සවය සංවිධානය කළහ. වෛද්‍යවරු ද, හෙදියෝ ද, සුළු සේවකයෝ ද ගීත ගායනා කළහ.