ළමා නළුවෝ ටෙහෙරාන් ළමා ජූරියකට යති


ඉරානයේ ටෙහෙරාන් නුවර  ජාත්‍යන්තර ඇරබියා 2012 ළමා චිත‍්‍රපට උළෙළේ    ජූරි සභිකයින් ලෙස සහාභාගීවීමට  ශාරන්‍යා ජයකොඩි සහ ස්ටීවන් ෆර්ඩිනන්ඩස් ටෙහෙරන් බලා ගියහ. මොවුන් දෙදෙනා කොළඹ ලයිසියමි ජාත්‍යන්තර පාසැලේ 7 සහ 8 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන ළමා නළු වෝය.  ශාරන්‍යා ජයකොඩි, එඩිවඩි ජයකොඩි සහ  චරිතා ප‍්‍රියදර්ශනී  ගේ දියනියයි. ශාරන්‍යා සෝමරත්න දිසානායකගේ සිරි රජසිරි චිත‍්‍රපටියේ ප‍්‍රධාන ළමා නිලිය ලෙසද, උදයකාන්ත වර්ණකුලසූරියගේ සිරිපොද වැස්ස චිත‍්‍රපටිය, නාලන් මෙන්ඩිස්ගේ සූරිය දරුවෝ, ඉසුරු සංග‍්‍රාමය යන ටෙලි නාට්‍ය වලට රංගනයෙන් දායක වී ඇති අතර ‘අපේ කාලයේ පුංචි භූතයා‘ චිත‍්‍රපටියේ ගීත ගායනයෙන් දායක වී ඇත. ඇය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පැවති සුබර් කෙටි නාට්‍ය උළෙලේ හොඳම ළමා නිලියට හිමි සමිමානයද හිමිකරගෙන ඇත. ස්ටීවන් කොළඹ ලැයිසියමි විදුහලේ කළා කටයුතු සහ චතුර ලෙස ඉංග‍්‍රීසි භාෂාව හැසුරවන ළමා නළුවෙකි.