විනීතා එම් ගමගේ
ළමා ආරක්ෂක වැඩ සටහන්වලින් මුදල් වංචා කළ බවට චෝදනා ලබා සිටින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරිනියක පිළිබඳව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම පරික්ෂණ අරඹා ඇත.
එම අධිකාරිය මඟින් කුරුණෑගල දිසාලේකම් කාර්යාලයට අනුයුක්ත කර සිටින නිලධාරිනියක පිළිබඳව මෙසේ පරික්ෂණ අරඹා ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
2015 ලෝක ළමා දින වැඩසටහන, 2017 ගී රසවින්දන යන වැඩසටහන් සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් වෙන් කළ මුදල්වලට අමතරව විවිධ රාජ්‍ය නොවන සංවිධානවලින් ද මුදල් ලබාගෙන එම මුදල් සඳහා ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර ඇති බවට මෙම නිලධාරිනියට විරුද්ධව ලැබුණු පැමිණිල්ලක් මත මෙම පරික්ෂණය ඇරඹු බවද හෙතෙම සඳහන් කළේය.

