හෝමාගම මීගොඩ කජුගහයටදෙණියේ යාච්ඥා මධ්‍යස්තානයකට බලෙන් ඇතුළු වී අලාභ හානි කළැයි කියන සිද්ධියේ සැකකාර විහාරාධිපති හිමියන් ඇතුලු පිරිස හෝමාගම උසාවියට අද (13) ඉදිරිපත් කරනු ලැබුහ.
ඔවුන් උසාවියට එද්දී බෞද්ධ කොඩි රැගත් පිරිස් උසාවිය අවට මහ පාරේ රැස්ව සිටියහ.ඇප ලැබීමෙන් පසු හෝමාගම සීලවංශ හිමියන් දැක බලා ගැනීමට මහා සංඝ රත්නය ඇතුළු පිරිස් පැමිණ සිටියහ.