හෝමාගම උසාවිය ළඟ සඳුදා උද්ඝෝෂණ බෑ


ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වෙන හෝමාගම උසාවිය අවට රැස්වීම් හා පෙළපාළි තහනම් කරමින් හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුමපටබැඳි මහත්මිය අද නියෝගයක් නිකුත් කළාය.

නඩු විභාගය සඳහා එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරීන් තිදෙනා හෝමාගම උසාවියට සඳුදා(6) රැගෙන ඒමට නියමිත අතර ඊට විරුද්ධව පෙළපාළි හා විරෝධතා සූදානම් කරතියි සැකයක් මත ජාතික නිදහස් පෙරමුණේ පියසිරි විජේනායක, ප්‍රබෝධ පීරිස්, ප්‍රියංගා කොතලාවල හා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි යන පිරිසට එසේ තහනම් නියෝගයක් පනවා ඇත.