හෝමාගම අදත් පුටු පෙරළියක්


2014  හෝමාගම  ප්‍රාදේශිය සභාවේ අය වැය  පරාජය වීමෙන් හිස් වු සභාපති ධුරයට  නව මසකට පසු නව සභාපති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී  රුවන් ප්‍රබෝධ පීරීස් මහතා යළිත් අද (19) පත් කැරිණි.

ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෝමාගම ප්‍රාදේශිය සභා සන්ධාන මන්ත්‍රීන් සමඟ පැවැත් වු සාකච්ඡාවකින් අනතුරුව  මෙම තීරණය ගෙන  ඇත.

2014 ජනවාරි 1  සිට අප්‍රේල් දක්වා උප සභාපති ඉන්දික කෝරළගේ  වැඩ බැලීය. අප්‍රේල් 9 වැනිදා ඔහු සභාපති ලෙස  පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය  යළි 10 වැනිදා අවලංගු  කළේය.

පසුව පක්ෂ මහලේකම්වරයා විසින් සභාපති  අද (19) යළි රුවන් ප්‍රබෝද පිරීස් පත් පත් කැරිණි.