හෝටලේට රිංගූ ලාංකිකයාට ඇප


විස්සයි විස්සේ ජගත් ක්‍රීඩා තරගයට සහභාගීවීමට පැමිණ සිටින ඕස්ට්‍රේලියා කණ්ඩායම නතර වි සිටින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ කාමරයකට අනවසරයෙන් ඇතුළු වූ තරුණයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රුපියල් පනස් දහසක ඇප මත මුදා හරිනු ලැබීය. කොල්ලුපිටිය අබ්දුල් කරීම් නුහුමන් කරිම් එහි ඇතුළු වූයේ තරග පාවාදීමක් සම්බන්ධ ගනුදෙනුවකට නොඑසේ නම් ඔවුනට අනතුරක් කිරීමට දැයි සොයන බව පෙලිසිය උසාවියට දැන්වීය.