හෝටලයේ පඩි සල්ලි කොල්ල කයි


උණවටුණේ සංචාරක හෝටලයක වැටුප් ගෙවීම සඳහා බැංකුවෙන් ගෙන ගිය රුපියල් පහළොස් ලක්ෂයක් යක්දෙහිමුල්ල හංදියේ දී කොල්ල කා ඇතැයි හබරාදූව පොලිසිය කියයි. යතුරු පැදියකින් මුදල් ගෙන යද්දී යතුරු පැදි දෙකකින් හා කොල්ලකරුවන් මඟ හරස් කර කොල්ලය සිදු කර ඇත.