හෝටල හිමියා වැරැදි දෙවොලට ගිහින්
අපිරිසුදු ආහාර විකිණීයැයි වැසූ හෝටලයක් විවෘත කරවා ගැනීමට පළතුරු වට්ටියක් රැගෙන දඹුල්ල නගරාධිපති නිවෙසට ගිය හෝටල් හිමියාට පළතුරු වට්ටියද රැගෙන ආපසු යන්නට සිදුවිය.
පුරපති ජාලිය ඕපාත මහතා හෝටල හිමියාට කීවේ පළතුරු පූජා කරන්න තම ගෙදර දේවාලයක් නැති නිසා එය රැගෙන යන ලෙසයි.

