හොරෙන් ගිහින් හොර වැඩ


එමිරේට් රාජ්‍යයේ කඩ සාප්පු වලින් ජංගම දුරකථන සොරා ගැනීමට පුරුදුව සිටි බව කියන ශ්‍රී ලාංකිකයෙක් (30) එරට පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. තම සාප්පුව කඩා ජංගම දුරකථන සොරකම් කළ මොරොක්කෝ කඩහිමියකු කළ පැමිණිල්ලක් අනුව පොලිසිය සෙවිල්ලෙන් සිටියදී කළු අත් බෑගයක් රැගෙන ආ මිනිසකු බෑගය දමා දිවූ බවත් පොලිසිය ලූහු බැඳගොස් ඔහු අල්ලාගත් බවත් කියති. හොර බඩු තොගයක් එහි විය. හැඳුනුම්පතක් පවා නොතිබූ ඔහු එමිරේට් රාජ්‍යයේ හොරෙන් සිටි බවද පොලිසිය පවසයි.