මොරටුවේ රන්බඩු අලෙවි සලකට පැමිණි ගැහැනුන් දෙදෙනකු ඔවුනගේ වයස බාල වයස්කාරියකගේ සහයෙන් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න රන් පෙන්ඩන්ට් 24ක් සහිත පෙට්ටියක් සොරාගන්නා ආකාරය එම වෙළදසලේ ආරක්ෂක කැමරාවල පටිගතවී ඇත.
පසුගිය 23වෙනිද පස්වරු 3 ට පමණ මෙම දෙදෙනා අත දරුවකුද වඩාගෙන දරියක්ද කැටුව වෙළද සලට පැමිණ රන්භාණ්ඩ පරීක්ෂා කරමින් සිට පසුව මිලදී ගැනීමකින් තොරව පිටව ගොස් ඇත.
වෙළදසල වසන අවස්ථාවේ තොග බැලීමේදී රන්භාණ්ඩ පෙට්ටියක අඩුවක් අති බවට හැගී ගිය බැවින් ආරක්ෂක කැමරාවේ පටිගත වූ දර්ශන නැවතා විමසා බැලීමේදී මෙම සොරකම සිදුවූ අන්දම දැකගත හැකි විය. මේ සම්බන්දයෙන් මොරටුව පොලිසියටද පැමිණිලි කොට ඇත