හොරණ බන්ධනාගාරය ඉදිකිරීමේ මිනුම් කටයුතුවලට ගිය නිලධාරීන්ට විරෝධය


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැලිකඩ බන්ධනාගාරය මිල්ලනිය දොඹගොඩ නිව්චැපල් වත්තේ අක්කර 35ක භූමියට රැගෙන ඒමට අවශ්‍ය මිනුම් කටයුතු සිදු කිරීමට අද(14) එහි පැමිණි මිනුම් නිලධාරීහු ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය හමුවේ ආපසු ගියහ.

මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැනුම් කටයුතු සදහා පැමිණීමත් සමග ප්‍රදේශයේ මහ සඟරුවන ඇතුළු විශාල පිරිසක් එම ස්ථානයට රැස්වී තමන්ගේ දැඩි විරෝධය ආවේගශීලීව පැවසූහ.

එහි පැමිණි මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් සමන්තිකා ලියනගේ මහත්මිය කියා සිටියේ මෙම ගැටලුව ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවට හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට දැනුම් දීමට කටයුතු යොදන බවයි.