හොරණ නීතීඥවරියගේ රන් මාලය කඩා ගනී


හොරණ උසාවිය අසල නීතීඥවරියකගේ කාමරයකට කඩා වැදුණු මැරවරයකු ඇසිඩ් බෝතලයක් පෙන්වා ඇයගේ ගෙල බැඳි රන් මාලයත්, බ්‍රෙස්ලට් වලල්ලත්, මුද්දකුත් ගලවාගෙන යතුරුපැදියකින් පළා ගිය බව හොරණ පොලීසිය කියයි. තම ළමයාට බෙහෙත් ගැනීමට අවශ්‍ය බව කියමින් රුපියල් ලක්ෂ පහක් පමණ වන රන් පළඳනා කොල්ල කෑවයි ඇය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.