(නයනජිව බන්ඩාර)
කුඹුකන් ඔයේ අතු ගංගාවක් වන කුඩා ඔය බඩල්කුඹුර ගැඩවිල ප්‍රදේශයෙන් හරස්කර ඒ මැද මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය මැණික් පතලක් වටලා එක් සැකකරුවකු අත් අඩංගුවට ගත්බව බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු සමග රුපියල් ලක්ෂ 20 ක් පමණ උපකරණ අත්අඩංගුවට ගෙන ඇත.මෙම පතල් කැණිම පසුපස බඩල්කුඹුර ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ ප්‍රදේශිය සභා මංත්‍රිවරුන් තිදෙනකු සිටින බව අනාවරණය වී තිබේ.
සැකකරු හා උපකරණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මොනරාගල කාර්යාලය වෙත ඉදිරිපත් කළ බවද කියැවේ.







