හොරගොල්ලේදී තරුණයකු කපා කොටා මරා දමලා


(තිලකරත්න දිසානායක)

ගණේමුල්ල, හොරගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කොට ඇති බව ගණේමුල්ල පොලීසිය සදහන් කරයි. 

තියුණු ආයුධයකින් පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගනිල් චතුරංග නමැති 28 හැවිරිදි අයෙකි.

පුද්ගලික ආරවුලක් දුර දිග යාමෙන් ඊයේ (29) රාත්‍රීයේදී  මෙම ඝාතනය සිදුව ඇති බවත් මේ  සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසිය මගින් හොරගොල්ල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි. 

මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී කමල් සේනානායක මහතාගේ අධීක්ෂණය මත ගණේමුල්ල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක යූ.ඩී.ඒ.කේ.දේවප්‍රිය මහතාගේ මෙහෙයවීම යටතේ වැඩි දුර පරීක්ෂණ සිදු කෙරේ.