හොරකමක් වහන්න බැංකුවට ගිනි තියලා


ගම්පොළ දැල්පිටිය ප්‍රධාන සමෘද්ධි බැංකුවේ ගිණුම් පොත් වලට අද (11) අලුයම  ගිනි තබා වනසා ඇතැයි පොලීසියට පැමිණිළි ලැබී ඇත.පරිගණකයක්ද තවත් ලියැවිලිද ගින්නට හසු වී තිබේ.

රුපියල් කෝටි 5 ක  පමණ ණය දී ඇති බැංකුවේ රුපියල් දස ලක්ෂක  අයථා මුදල් පරිහරණයක් ගැන සමෘද්ධි අධිකාරිය පරික්ෂණයක් පවත්වද්දී මේ ගිනි තැබීම සිදු විය.

මීට කළින් දෙවතාවක්ම බැංකුව ගිනි තැබීමට උත්සාහා කැර ඇත.