හොර සහතිකෙන් පොලිස් කූඩුවට
රජයේ අභ්‍යාස ලාභී සමූඛ පරීක්ෂණයට හොර උපාධි සහතික ඉදිරිපත් කළ බව කියන තරුණියක හා එක්දරු මවක මාතර කොට්ඨාස වංචා විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මාතර දිසාපති ඩබ්ලිව් කේ කේ අතුකෝරාල මහත්මියගේ පැමිණිල්ලක් අනුව දික්වැල්ල උරුගමුවේ 26 හැවිරිදි තරුණියක ද, දෙයියන්දර කැටියපේ එක් දරු මවක ද අත්අඩංගුවට පත්වී සිටිති.
ඔවුන් දෙදෙනාට රුහුණු සරසවියෙන් හා ශ්‍රී ජයවර්ධන සරසවියෙන් නිකුත් කළ බව කියන සහතික හොර සහතික බව එම විශ්වවිද්‍යාලවලින් දැන්වූ බව පොලීසිය කියයි.

