ව්‍යාජ වීසා භාවිතා කරමින් මලයාසියාව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ජා ඇල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ මව මලයාසියාවේ සේවය කරන බවත් අසනීපව සිටින පුද්ගලයෙකු බලාගැනීම සදහා මොහු එහි යන බවකි.
කෙසේ වෙතත් සැකකරු කොළඹ පීපල්ස් පාර්ක් වෙළඳ සංකීර්ණයේ ඒජන්තවරයෙක් හරහා මලයාසියාවට යාමට ව්‍යාජ ලිය කියවිලි සකස් කරගෙන ඇති බව අනාවරණය වී ඇත.
මේ පිළිබඳ කරන ලද මුලික විමර්ශණ වලින් අනතුරුව සැකකරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර දීමට නියමිතය.

