හොර රන් ත‍්‍රිකෝණයට ලංකාවත්?


ඉන්දියාවට නීති විරෝධී ලෙස රත්රන් රැුගෙන ආ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින් ඇතුළු 13 දෙනකු සැප්තැම්බර් මාසයේදී චෙන්නායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි තානාපති ආරංචි මාර්ග කියයි. ඔවුන් රත්රන් කිලෝ 3 1/2කට අධික ප‍්‍රමාණයක් මෙසේ හොරෙන් රැගෙන ආ බවද කියති. ඩුබායි හා සිංගප්පූරුවේ සිට ඉන්දියාවට නීති විරෝධී ලෙස රත්රන් රැගෙන ඒමේ හුවමාරු පොළක් ලෙස ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව භාවිතා කරමින් සිටින බවද චෙන්නායි ගුවන් තොටුපළ බලධාරීන් පෙන්වා දෙන බවද එම ආරංචි මාර්ග කියා සිටී.