රජයේ දෙපාර්තමේන්තු හා ප්‍රමුඛ පෙළේ තේ අපනයනකරුවකුගේ ලිපි ශීර්ෂ හා මුද්‍රා හොරට හදා තේ අපනයනය කළැයි කියන පුද්ගලයෙක් කොළඹ මහේස්ත්‍රාත් උසාවියේදී අද වරද පිළිගත්තේය.
කැළණිය දළුගම රෝයල් ප්ලේස් හි ඒ එම් ආර් පුෂ්ප කුමාර් පෙරේරා නම් වු මොහු ව්‍යාජ ලියැවිලි ඉදිරිපත් කරමින් තේ පිටරට යවා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය බොරැල්ල කොටා පාරේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි රහස් පොලිස් උප පරීක්ෂක සුනිල් සරණපාල මහතා පැමිණිල්ල ඉදිරිපත් කරමින් කියා සිටියේය.
ඔහුට දඩුවම් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔහුට දඩුවම් නියම කිරීම ජනවාරී 21 ට කල් තැබීය.

