ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකිකයින් මුලා කරමින් සිදුවන හොර ගුවන් ටිකට් පත් වංචාව එසෑණ මගින් අනාවරණය කිරිමත් සමග මෙම ගුවන් ටිකට් පත් වංචාවට සම්බන්ධ බව කියන හොර ගුවන් ටිකට් පත් විකුණුම් ආයතනයක් වසා දමා ඇතැයි දැනගන්නට ඇත.
මෙම ආයතනයේ උප එජන්ත වරයෙකු වෂයෙන් කටයුතු කළ ෆිරෙන්සි ශ්‍රී ලාංකිකයකු කියනුයේ තමා මෙම ආයතනයෙන් මිලදි ගෙන විකුණු ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ගුවන් ටිකට් පත් 12ක් හොර ඒවා බවයි. එමගින් යුරෝ 12000 (රුපියල් 2172000 ) කට වැඩි මුදලක් නැවතත් ගැණුම් කරුවන්ට ලබා දිමට තමන්ට සිදුව ඇතැයි ඔහු පවසයි.
නාපොලි නගරයේ ශ්‍රි ලාංකිකයෙකු විකිණු තවත් ගුවන් ටිකට් පත් 15ක් හොර ටිකට් බවට තහවුරු වි තිබේ. මෙස්සිනා නගරයේ හොර ගුවන් ටිකට් පත් 20ක් වංචා කල පුද්ගලයාද මෙම ආයතනයේ උප එජන්ත වරයෙකියි කියති.
මෙවැනි ආයතන කිහිපයකින් නිකුත් කළ හොර ගුවන් ටිකට් පත් අතැතිව ජනවාරි මස 12වෙනිදා ෆියුමින්චිනෝ ගුවන් තොටුපොළින් ශ්‍රි ලංකන් ගුවන් යානයෙන් පිටත්විමට පැමිණි ලාංකික හා ඉතාලි ජාතිකයින් 40 කට වැඩි පිරිසක් හොර ටිකට් පත් හේතුවෙන් අතරමං වුහ.
ඔවුන් ඒ පිලිබදව ෆියුමින්චිනෝ ගුවන්තොටුපොළ පොලිසියට පැමිණිලි කොට තිබේ. මේ පිලිබදව එසැණ කළ විමසුමකට පිළිතුරු දුන් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ඉතාලි කමණාකරු ලලිත් පිරිස් මහතා කියා සිටියේ ගුවන් ටිකට් පතක් මිලදි ගත් සැණින් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ වෙබ් අඩවියට ගොස් එම ටිකට් පතේ සත්‍යභාවය තහවුරු කරගන්නා ලෙසයි. නැතහොත් මිලානෝ හා රෝම කාර්යාල වලට දුරකථන ඇමතුමක් ලබා දිමෙන්ද එය තහවුරු කර ගත හැකි බව ඔහු කියයි.