ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කළ බව කියන බොරැල්ලේ විදේශ රැකියා ආයතනයක කාන්තාවක ඇතුළු කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අංගුවට ගත් බව කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එකම ඡායාරූපය භාවිතකර තොරතුරු පමණක් වෙනස් කරමින් සැකසූ විදෙස් ගමන් බලපත් තුනක් ද සොයා ගෙන ඇත.
‘පොලිස්පතිට කියන්න‘ විද්‍යුත් තැපෑලට ආ පණිවුඩයක් අනුව පරීක්ෂණ පැවැත්වූ බව පොලිසිය පවසයි.